වත්මන් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාව හා නීතිඥ සංගමය හා සමගි ජන බලවේගය අතර පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී තිබේ.
මෙම සාකච්ඡා දෙකම අද පෙරවරුවේ කොළඹ පිහිටි නීතිඥ සංගම් කාර්යාලයේදී පවත්වා තිබේ. ශ්රී ලංකාවේ දැනට පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අදාළව ශ්රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
ඊට අමතරව විධායක ජනපතිධුරය අහෝසි කිරීම, පාර්ලිමේන්තුවේ සිදුකළ යුතු වෙනස්කම් මෙන්ම මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් වන සාකච්ඡාද පවත්වා තිබේ.